Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 5ක් මරුට




අද (16) අලූයම 6.30න් අවසන් වූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනකු මියගොස් තිබෙනවා.

මැදවත්ත, හොරකැලේ හරහා කුලියාපිටිය අතුරු මාර්ගයේ ආඩිගම ප්‍රදේශයේදී ඒවායින් එක් අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. එහිදී පුද්ගලයකු මියගිය බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

කුරුණෑගල - මීගමුව මාර්ගයේ මල්කඩුවාව ප්‍රදේශයේ දී ලොරියක් පදිකයකුගේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුවුණා. පදිකයා එම අනතුරින් මියගිය බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයකු මියගියා. එම අනතුර සිදුව ඇත්තේ ජිප් රථයක් පදික මාරුවකදී පදිකයකු යටකරගෙන යාමෙන්.

බටපොළ - අම්බලන්ගොඩ මාර්ගයේ පොල්ලෑව්ව ප්‍රදේශයේදී ද අනතුරකට ලක්ව පදිකයකු මියගොස් තිඛෙනවා. ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඔහු අනතුරකට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ-වැල්ලවාය මාර්ගයේ අම්බලන්තොට ප්‍රදේශයේදී කැබ් රථයක් සිවිල් ආරක්ෂක නිලධාරියකු යටකරගෙන යාමෙන් තවත් අනතුරක් සිදුවුණා. අනතුරෙන් එම සිවිල් ආරක්ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියා සිටියේ.