Tuesday, April 23, 2024

General line - 0115112241

භයානක කම ගැන සිතා මැදිහන් වන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය මහා සංඝරත්නය වෙත සංදේශයක් භාරදුන්නා.

ඒ පිළිබඳ කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති භායනක කම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඊට මැදිහත් වන ලෙසයි තමන් මහා සංඝරත්නය වෙත සංදේශයක් භාරදෙමින් ඉල්ලා සිටි බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මේ වනවිට ඉදිරිපත් වී ඇති යෝජනාව සකස් කර ඇත්තේ සිය අදහස් සැළකිල්ලට නොගෙන බව ද ඒකාබද්ධ විපක්ෂය කියා සිටියා.