Saturday, April 20, 2024

General line - 0115112241

රටපුරා වැඩවර්ජනයකට රජයේ ඖෂධවේදීන්ගේ සූදානමක




රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දීපව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වනවා. ඊට හේතු දක්වමින් එම සංගමයේ සභාපති අජිත් කේ තිලකරත්න කියා සිටියේ තමන්ට මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් හෙට (18) දිනය තුල විසඳුමක් ලබා නොදෙන්නේ නම් තමන් වර්ජනයේ නියැලෙන බවයි.

ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල ඖෂධවේදීන්ගේ රාජකාරී ලැයිස්තු අවලංගු කර තිබීම හේතුවෙන් මේ වනවිටත් ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් සේවා අඩාල වී ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පළාත් සභා රෝහලවල ප්‍රතිකාර සේවාවන්ට එයින් බලපෑම් ඇතිවන බවයි අජිත් කේ තිලකරත්න පෙන්වාදුන්නේ.

ඇතැම් ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල ප්‍රමාණවත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති තැනැත්තන් සේවයට යොදවා ඇතැයි ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. මෙමගින් රෝගී ජීවිත අවදානමකට ලක්වීමට ද ඉඩ තිඛෙන බවයි ඔවුන් කියා සිටියේ.