Saturday, April 20, 2024

General line - 0115112241

පුත්තලම මානචේරිය කසල ව්‍යාපෘතිය සැකයක්




පුත්තලම මානචේරිය ප්‍රදේශයේ යෝජිත කසල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මහිකත පරිසරය සුරැකීමේ සංවිධානය සැක පළකරනවා.

එහි සභාපති ප්‍රභාත් සිතාර පැවසුවේ ප්‍රදේශවාසීන්ට රහසිගතව මෙම කසල ව්‍යාපෘතිය සැලසුම් කෙරෙමින් ඇති බවයි.

යෝජිත කසළ ව්‍යාපෘතිය ආරම්භ කළහොත් ඒ නිසා මතුවිය හැකි ගැටළු ගණනාවක් ද තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පවතින සැකය දුරු කරගැනීම සදහා සකච්ඡාවක් ලබාදෙන ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව ද මහිකත පරිසරය සුරැකීමේ සංවිධානය කියා සිටියා.