Saturday, April 20, 2024

General line - 0115112241

"ඔෆීලියා" නිසා එංගලන්ත අහසේ අසාමාන්‍ය වෙනසක් 




එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල අහස අසාමාන්‍ය ලෙස රතු ගැන්වී ඇති අතර හිරු ද රතු පැහැයෙන් දිස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

එංගලන්තයේ නිරිත දිග මිඩ්ලන්ඩ් සහ වයඹ දිග ප්‍රදේශවලට ඉහත කී සංසිද්ධිය දර්ශනය වී තිබෙනවා.

මෙම අසාමාන්‍ය තත්ත්වයට පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් හටගත් අළු මිශ්‍ර දූලි අංශුද බලපා ඇති බව කාලගුණ අංශ පවසනවා.

බ්‍රිතාන්‍ය දූපත්වලට බලපෑ ඔෆීලියා සුළි කුණාටුව හේතුවෙන් ජීවිත හානි කිහිපයක්ද වාර්තා වී තිබූ අතර, අයර්ලන්ත ජනරජයේ නිවාස 120,000 සහ වේල්ස් හි නිවාස 4,000කට විදුලිබලය ඇණහිටීමක්ද වාර්තා වනවා.