Thursday, April 25, 2024

General line - 0115112241

නාමල් මන්ත්‍රීවරයා කියන ලිපිය ගැන සොයන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්




නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සුළු කොට නොසළකන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලිපිය කුමක් දැයි සොයාබැලීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයා බලන්නැයි තමන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමන් සම්බන්ධයෙන් ඊයේ (16) කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර අද (17) නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉකුත් දා කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තන්ට ඇප ලබා නොදෙන්නැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා අධිකරණයට ලිපියක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද ඊයේ (16) කියා සිටියා.