ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකාරියකට මරණ තර්ජන එල්ල වී ඇතැයි බැඳුම්කර කොමිසමේදී අද (17) ප්‍රකාශ කෙරුණා.
නීතිපති දෙපාර්තමේන්තුව එහිදී කියාසිටියේ දේපළ වෙළෙඳාම් සමාගමක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරන අනීකා විජේසූරිය නමැත්තියට මෙලෙස මරණ තර්ජන එල්ලවී ඇති බවයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් රුපියල් ලක්ෂ 116ක් ගෙවා මහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන එය හිටපු අමාත්‍ය රවි කරුණානායකට පදිංචි සඳහා ලබාදුන් බවට ඇය මීට පෙර ප්‍රකාශයක් ලබාදුන්නා.
එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් මේ වනවිට එම සාක්ෂිකාරිය රටින් පිටව ගොස් තිඛෙන බවයි නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසම හමුවේ අද (17) වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්ගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල් බැඳුම්කර කොමිසම හමුවේ අද (17) පෙනී සිටියා.
ඒ එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔහුට කර තිබූ දැනුම් දීමක් අනුවයි.