Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති අතින් අද පත් වූ 09 දෙනා (PHOTOS)




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු 09 දෙනෙකු පත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු 09 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

කොළඹ, මාතර, මාතලේ, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්ක 05 සඳහා මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර තිබෙනවා.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වෙයි.

1. නලීන් ගුණසේකර                 -    කොළඹ දිස්ත්‍රික්කය
2. මීරා ලෙබ්බේ රෙබුපාසම්         -    අම්පාර දිස්ත්‍රික්කය
3. නවනීදරාජා                           -    අම්පාර දිස්ත්‍රික්කය
4. අයි.එච්. අබ්දුල් වහාබ්             -    අම්පාර දිස්ත්‍රික්කය
5. ටී. රෆයිඩීන්                          -    අම්පාර දිස්ත්‍රික්කය
6. ප්‍රනීත් පද්මතිලක                   -    මාතර දිස්ත්‍රික්කය
7. එම්.එච්.එම්. සකරියා              -    රත්නපුර දිස්ත්‍රික්කය
8. ආරියරත්න විජේවික්‍රම   (මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා)     -    අම්පාර දිස්ත්‍රික්කය         
9. සුජීව ගොඩලියද්ද                   -    මාතලේ දිස්ත්‍රික්කය