Saturday, April 20, 2024

General line - 0115112241

ධනුෂ්කගේ දඬුවමේ බර අඩු වෙයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලක හට පැනවූ ජාත්‍යන්තර තරග 6 ක තහනම තරග 3 ක් දක්වා අඩුකර තිබෙනවා.

ඉතිරි තරග 3 ක තහනම වසරක කාලයකට අත්හිටුවීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ, ඔහු නියෝජනය කරන එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය ඉදිරිපත් කළ අභියාචනය සලකා බලමින්.

මීට අමතරව ධනුෂ්ක ගුණතිලකගේ වාර්ෂික කොන්ත‍්‍රාත් ගාස්තුවෙන් සියයට 20ක් දඩ වශයෙන් අය කර ගැනීමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. 

තරග ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් ඔහු ඉකුත් දා වරද පිළිගත්තා. ඒ අනුවයි ධනුෂ්ක ගුණතිලකට තරග 6 ක තහනමක් හා වාර්ෂිික කොන්ත‍්‍රාත්තුවෙන් සියයට 20 ක දඩ මුදලක් අය කර ගැනීමට මීට පෙර තීරණය කර තිබුණේ.

ඉන්දියාව සමග ඉකුත් අගෝස්තු මාසයේ පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගය ඔහු සහභාගි වූ අවසන් එක්දින තරගයයි.