Wednesday, April 24, 2024

General line - 0115112241

කෝටි දෙකේ නිල් මැණිකට විද්ද හිටපු කොටි සාමාජිකයා කොටු (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




රුපියල් දෙකෝටි එකොලොස් ලක්ෂ දසදහසක්  වටිනා  නිල් මැණික සොරාගෙන එය අලෙවි කිරීමට සුදානම් වු  හිටපු කොටි සාමාජිකයකු ඇතුළු  සිව්දෙනක්  ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

බේරුවල ප‍්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට මෙම මැණික අයත්ව තිබුණා.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබුවා. 

මෙලෙස රිමාන්ඩ් කෙරුණේ හිටපු කොටි සාමාජිකයකු වන වෙලේරියන් ජැන්සන්, ඔහුගේ මාමා වන මයිකල් ටැනීස්ලස් නොහොත් පෙරියතම්බි (50),  මෙම මැණික් ගල විකීණීමට ආධාර අනුබල ලබාදුන් සදාසිවම් උදේකුමාර් (26) සහ කලී රහුමාන් මොහොමඩ් නෞෆර් (32)  යන සැකකරුවන් සිව්දෙනායි.

ඉකුත් සැප්තැම්බර් 11 වැනි දා  මෙම මැණික්ගල සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.