Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්ථානය යළිත් ශ්‍රී ලංකාව පරදා තරගාවලිය සතු කර ගනී (UPDATE)

කසුන් කැළුම් අබුඩාබි සිට




ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති  තෙවන එක්දින තරගය කඩුලු 7කින් ජය ගැනීමට පාකිස්ථානය සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනාම දැවී ලකුණු 208ක් රැස් කළ අතර පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 42.3කදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව පාකිස්ථානය ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කරනු ලැබුවා.

 

...................................................................................................

පාකිස්ථානයට ලකුණු 209ක ඉලක්කයක් (UPDATE)

18-10-2017 20:17

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනාම දැවී 208ක් රැස් කඝා. ඒ පන්දුවාර 48යි පන්දු 2කදී.

තිසර පෙරේරා ලකුණු 37 යි. හසන් අලි පන්දු යැවීමේදී ලකුණු 34කට කඩුලූ 5ක් බිද හෙලූවා. අසාර් අලි මෙම මෙම කඩුලූ 5 ගැනීමත් සමග වසරේ වැඩිම එක්දින කඩුලූ ලාභියා බවටද පත් වුණා. එමෙන්ම ඔහු එක්දින කඩුලූ 50 දවා ගැනීමට වැය කළේ තරග 24ක් පමණයි. එයද පාකිස්තානු වාර්තාවක් වනවා.

මීට පෙර අඩුම එක්දින තරග සංඛ්‍යාවකින් කඩුලූ 50 සිමාව පසු කර තිබූ පාකිස්තානු පන්දු යවන්නා වූයේ වකාර් යූනිස්. ඔහු තරග 27කදී මෙම දස්කම දක්වා තිබුණා.

-----------------------------------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! උපුල් තරංග පිත්ත අතට ගනී

18-10-2017 16:03

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලිංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට නායක උපුල් තරංග තීරණය කර තිබෙනවා. තරගය පස්වරු 4.30ට පමණ ආරම්භ වනවා.

කුසල් මෙන්ඩිස් වෙනුවට චාමර කපුගෙදරද, සුරංග ලක්මාල් වෙනුවට දුෂ්‍යන්ත චමීරද කණ්ඩායමට ඇතුළත්ව තිබෙනවා.

 

---------------------------------------------------

පාකිස්ථානයට එරෙහි 03වැනි තරගය අද

18-10-2017 07:43

පාකිස්තානයට එරෙහි තරගාවලිය පරාජය නොවී බේරා ගැනීම මේ වන විට ශ්‍රී ලංකා පිළට ප්‍රබල අභියෝගයක් වී තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (18)  පාකිස්ථානයට එරෙහි තීරණාත්මක 3 වන එක්දින තරගයට මුහුණ දෙනවා.

තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට පමණ ආරම්භවීමට නියමිතයි.