Tuesday, March 19, 2024

General line - 0115112241

උතුරේ සහ වතුකරයේ දීපවාලි පිළිගත් හැටි (PHOTOS)

මාධව කුලසූරිය / රංජිත් රාජපක්ෂ




ලොවපුරා හින්දු බැතිමතුන් අද (18) මහත් හරසරින් දීපවාලි උත්සවය සමරනවා.

හින්දු බැතිමතුන්ගේ් විශ්වාසය අනුව අද දිනය ‘නරකාසුර’ පරාජයට පත් කළ දිනයයි. නපුර අවසන්ව යහපතෙහි උදාව මෙන්ම අන්ධකාර සමය අවසන්ව ආලෝකය උදාව එමගින් සංඛේතවත් කෙරෙනවා.

අයහපත නමැති අන්ධකාරයෙන් මිදී ප‍්‍රඥාලෝකය දැල්වීම නිමිතිකර ගෙන පහන් දල්වමින් දීපවාලි දිනය සැමරීම හින්දු බැතිමතුන්ගේ සිරිතයි.

ඒ අනුව අඳුර පළවා හැර ආලෝකය උදාකිරීම සැමරීම උදෙසා වන දීපවාලි උත්සවය සැමරීම අද (18) උතුරු පළාතේ ජනතාව ද හින්දු චාරිත‍්‍රානුකූලව සිදු කරනු ලැබුවා.

දුක් දොමිනස් පිිරි අඳුර පළවා හැර,සතුට සැනසීම පිරි ආලෝකය උදාවේවා යන්න ප‍්‍රාර්ථනා කරමින් හින්දු ජනතාව දෙවියන් වෙනුවෙන් පහන් දල්වා, පුජාවන් පවත්වා උතුරේ ජනතාව දීපවාලි උත්සවය සැමරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව දිස්ති‍්‍රක් ප‍්‍රධාන දීපවාලි සැමරුම් දේව පුජාව වවුනියාව කුරුමන්කාඩු කාලි කෝවිලේදි අද (18) උදැසන පැවැත්වුණා.

මේ අතර වතුකරයේ ජනතාවද ඊයේ රාත්‍රියේ සිට දීපවාලි උත්සවය සැමරීම සඳහා කටයුතු කරමින් සිටි බවයි අප හැටන් වාර්තාකරු සඳහන් කළේ.

හැටන් නගරයට එක්රැස් වූ හින්දු ජනතාව ආගමික වතාවත් සිදු කරමින් පහන් දල්වා දීපවාලි උදාව උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලැබුවා.

මෙම අවස්ථාවන් සඳහා සර්ව ආගමික නායකයින්ද එක්ව සිටීම විශේෂත්වයක්.

(එම ඡායාරූප පිළිවෙලින් පහතින් දැක්වෙයි)

 
-------------------------------------------------------------------------