Tuesday, March 19, 2024

General line - 0115112241

පැනමා ලිපිගොණු හෙළිකළ මාධ්‍යවේදිනියක් ඝාතනය කෙරේ

ධරිත් පෙරේරා




මෝල්ටා රජයේ පැවති දූෂණ හා අක්‍රමිකතා දැඩි විවේචනයට බඳුන් කළ එරට බ්ලොග් මාධ්‍යවේදිනියක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පනස් තුන් හැවිරිදි මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලිෂියා මරා දමා ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයකින් බව මෝල්ටා පොලිසිය විසින් තහවුරු කරනු ලැබුවා.
    
මොස්ටා නගරයේ ජීවත් වූ ඇය සිය නිවසේ සිය තමාගේ මෝටර් රථයෙන් කෙටි දුරක් ධාවනය වීමේදී එය පුපුරා ගොස් මෙම මරණය සිදුවී ඇත්තේ.

නිවස තුළ සිටි ඇගේ පුත්‍රයාට පිපිරීම ඇසී වහාම පිටතට ඇවිත් බලන විට මවගේ මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බව කියවෙනවා.

මාධ්‍යවේදිනිය විසින් මෝල්ටා අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ විවේචනයට ලක් කරනු ලැබුවා. ඒ පැනමා ලිපිගොණු අපචාරයට හවුල් වී ඇති බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් එල්ල කෙරෙන චෝදනා අගමැතිවරයා ප්‍රතික්ෂේප කරනු තිබෙනවා.

මෙම මාධ්‍යවේදිනිය තමාට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතින බව පවසමින් සති දෙකකට පෙර පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.