Saturday, April 20, 2024

General line - 0115112241

ධාරානිපාත වැස්සෙන් මහගිරිදඹේ කසල කන්දක් නාය ගිහින් - ශ්‍රී පාද උඩමළුවේ කසල ගොඩ ගැසේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා වූ ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමක් සිදුවුණා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ප්‍රදේශයේ පිහිටි කුණු කන්දක් නාය ගොස් ඇති බවයි.

පසුගිය දිනවල ශ්‍රී පාද උඩමළුව ප්‍රදේශයට අඛණ්ඩව ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම මීට දින 04කට පෙර නාය ගිය මෙම කුණු කන්ද හේතුවෙන් විශාල කැළිකසල ප්‍රමාණයක් පහළට කඩාවැටී තිබෙනවා. මේ අතර පැවැති අවහිරතා නිසා ශ්‍රී පාද උඩමළුවේ කැලිකසලද ඉවත් කිරීමට අපහසු වී තිබුණා.

අධික වර්ෂාව හේතුවෙන් ඒවා ඉවත් කිරීමට මෙතෙක් අවස්ථාව ලැබී තිබුණේ නැති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ දිනවල ශ්‍රී පාද අවාරය හේතුවෙන් ශ්‍රමදානයක් මගින් මෙම කැළිකසල ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේ පැවසුවේ.