Friday, April 26, 2024

General line - 0115112241

තිදෙනෙක් අතුරුදන් වූ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නැන්දණිය අත්අඩංගුවට (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




කොළොන්නාව ප‍්‍රදේශයේ තරුණියන් තිදෙනකු අතුරුදන් වීමේ සිද්ධියට සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇති එක් කාන්තාවක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ නැන්දණියක බවයි පැවසෙන්නේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අතුරුදන් වූ තරුණියකගේ පෙම්වතකු බව ද වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව සිටි තරුණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු අද (18) වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාරවී තිබුණා. අනෙක් දැරිය තවත් කාන්තාවක් සමග පැමිණ අද පස්වරුවේ ගම්පහ පොලිසියට භාරවී ඇති බවයි පොලිසිය පැවසුවේ. එම දැරිය සහ ඇය සමග පැමිණි කාන්තාව ද විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

මෙම කාන්තාවගෙන් කළ ප‍්‍රශ්න කිරීම් අනුව සැකකාර අනෙක් කාන්තාව අත්අඩංගුවට ගැනුණා. මෙම තරුණියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කරන බවයි පොලීසිය පැවසුවේ.     

----------------------------------------------------------

තිදෙනෙක් අතුරුදන් වූ සිද්ධියේ දෙදෙනෙක් අත්අඩංගුවට

18-10-2017 13:28

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ 19 හැවිරිදි තරුණිය සහ 15 සහ 14 වයසේ පසුවූ දැරියන් දෙදෙනා සොයා ගැනීමත් සමග තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා නැමැති දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති තරුණයා බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා නමැති විවාහක තරුණියද පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

-------------------------------------

අතුරුදන් වූ තුන්වැනියාත් හමුවෙයි (UPDATE)

(18-10-2017 12:46)

තවදුරටත් අතුරුදන්ව සිටි 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා ද සොයා ගත් බව පොලිසිය පවසනවා.

ඒ අනුව ගම්පහ පොලිසියට ඇය පැමිණ ඇති බවයි වාර්තා වුණේ

 

-------------------------------------

අතුරුදන් වූ තරුණියන් සොයා යද්දී දෙන්නෙක් පොලිසියට එයි - ඊයේ රෑ 12.30 ට පොලිසියට ඇමතුමක්

(18-10-2017 11:46)

 

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ තරුණියන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් පොලිසියට පැමිණ තිබෙනවා.

 ඊයේ (17) රාත්‍රි 12.30 ට පමණ වැල්ලම්පිටිය පොලිසියට පිරිමි පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමේදී ඒ බව ආරංචි වී ඇති අදාළ තරුණියන් දෙදෙනෙකු අද (18) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණ තිබෙනවා.

මෙසේ අතුරුදන් වී සිටියේ 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා නමැති විවාහක තරුණියක්, අසල්වැසි  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා යන අයයි.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා හා  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා මෙසේ පොලිසියට පැමිණ තිබෙනවා.

ඒ අනුව අතුරුදහන් අනෙකා සොයා පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් දියත් කර තිබෙනවා.