Wednesday, April 24, 2024

General line - 0115112241

වැල්ලම්පිටියේ කාන්තාව සහ දැරියන් 'අතුරුදන් කිරීම ගැන ඇල්ලූ'  ප්‍රේමවන්තයා 

සුගත් ධර්මප්‍රිය/ඉෂාර සුපෙම් මානගේ 



ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්ව පසුව පොලිසියට බාරවූ  කොළොන්නාවේ කාන්තාව සහ දැරියන්  දෙදෙනා සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා හා  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා අද (18) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාරවූ අතර 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා ගම්පහ පොලිසියට බාර වුණා.

අතුරුදන්වූ 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ තරුණයෙකුගෙන් පොලිසිය ඊයේ ප්‍රශ්න කිරීමෙන් පසුව 14 හැවිරිදි තරුණිය ගම්පහ සිටින බවට තොරතුරු ලැබුණු අතර පසුව  වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් ගම්පහට යන අවස්ථාවේ ඇය පොලිසියට පැමිණ බාරවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ  මේවනවිට  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ තරුණයා සහ 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා මේවනවිට අත්අඩංගුවට ගෙන දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.