Friday, April 26, 2024

General line - 0115112241

20/20දී ශ්‍රී ලංකාවට බැට දෙන්න එන පාකිස්ථානු බලමුළුව මෙන්න




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සදහා සහභාගි වන පාකිස්තාන සංචිතයට ප‍්‍රබල තුන්ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් හෆීස් කැදවා තිබෙනවා. ඔහු අවසන්වරට පන්දුවාර විස්ස තරගයක් සදහා පාකිස්තාන සංචිතයට එක්වුයේ ඉකුත් මාර්තු මාසයේදීයි.

ඉකුත්දා පැවති ලෝක කණ්ඩායමට එරෙහි පාකිස්තාන සංචිතයේ සිටි එක් කී‍්‍රඩකයෙකු හැර සෙසු සියලූ දෙනා ශී‍්‍ර ලංකා තරගාවලියට එක්කර තිබීම විශේෂත්වයක්. ශාරීරික යෝග්‍යතා මත ප‍්‍රබල වේගපන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් අමීර් ද සංචිතයට එක්කර ගැනීමටයි තීරණය කර ඇත්තේ. 

සර්ෆ්‍රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, අහමඩ් ෂේසාද්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මුහමද් හාෆීස්, ඉමාද් වසීම්, ෂදාබ් ඛාන්, මුහමද් නවාස්, ෆාහිම් අෂ්රාෆ්, හසන් අලි, අමීර් යමීන්, මුහමද් අමීර්, රුමාන් රායිස් ,උස්මාන් ෂින්වාරි, උමාර් අමීන් මෙම සංචිතයට ඇතුලත් වනවා.

මේ වනතෙක් ශ්‍රී ලංකා සංචිතය නම්කර නහැ.