Friday, March 29, 2024

General line - 0115112241

මෛත්‍රී අනිවාර්යයෙන්ම පරදවනවා...ජවිපෙ තීරණයක 

සුගත් ධර්මප්‍රිය




මෛත්‍රීපාල සිරිසේන මහතා  නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම පරාජය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේබව සඳහන් කළා.

නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළා.


"විධායක ජනාධිපතිධුරය සහිතව නව ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ජනාධිපතිතුමා කිව්වා, නැවත ජනාධිපතිවරණයක් නැහැ කියලා. සෝභිත හාමුදුරුවන්ගේ අවසන් කටයතු වෙලාවේ ඒ බව නැවත සහතික කළා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ  මතය කුමක් වුවත්  ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සදාචාර අයිතියක් නැහැ.

ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා, පොරොන්දු කඩලා මෛත්‍රී  නැවත ජනාධිපතිවරණයකට ආවොත් රාජපක‍ෂ පැරැද්දුවා වගේම ඔහුවත්  පරද්දන්න ජවිපෙ කටයුතු කරනවා. "යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදී සඳහන්  කළා.