Wednesday, April 24, 2024

General line - 0115112241

අපේක්ෂකයින්ට හිතුන හිතුන ගණන් ඡන්දෙට වියදම් කරන්න බැරි නව නීතී! ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය




මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයින් පාලනයකින් තොරව අති විශාල මුදල් කන්දරාවක් වියදම් කිරීම වළකාලීම සඳහා මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා ගෙන ආ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ගෙනවිත් තිබෙනවා. ජනතා කැමැත්ත බලපෑමකින් තොරව ප්‍රකාශ කරවීම මෙහි අරමුණ වනවා.

1977ට පෙර මෙවැනි සීමාවන් පැවතියද මේ වනවිට එම නීති ප්‍රතිපාදන සලසා නැත. 

ඉන්දියාව ඇතුළු රටවල් රැසක් මෙවැනි නීති පනවා ඇති අතර, එම රටවල් මෙමගින් මැතිවරණ දූෂණ අඩු කරගැනීමේ හැකියාව ලබා තිබෙනවා.