Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ සුපර් මාර්කට් 9 ක් අලුත් වෙයි!




බස්නාහිර පළාතේ ප‍්‍රධාන නගර මධ්‍යයේ පිහිටා ඇති පොදු වෙළඳ සංකීර්ණ ප‍්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින්.

ඒ අනුව කොල්ලූපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද යන නගරවල පිහිටි පොදු වෙළද සංකීර්ණ නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට නියමිතයි. මීට දශක කිහිපයකට පෙර ඉදිකරනු ලැබූ පොදු වෙළද සංකීර්ණවලින් වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට නොදියුණු හා අබලං තත්ත්වයේ පවතින බවයි හදුනාගෙන ඇත්තේ.