Friday, April 19, 2024

General line - 0115112241

උපන්දින තෑග්ගට "වාර්තාව ඉතිරි කර " දික්වැල්ල පිටියෙන් නික්මේ 

කසුන් කැලුම් - ඩුබායි සිට




අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවකින් එක්දින ලකුණු දහස සම්පූර්ණ කිරීමට තිබූ අවසන් අවස්ථාව නිරෝෂන් දික්වැල්ලට අද (18)අහිමි වී ගියා. 

ඒ පාකිස්තානය සමග දැන් පැවැත්වෙන 3 වන එක්දින තරගයේදී දික්වැල්ල ලකුණු 18කට දැවී යාමත් සමගයි. 

රෝයි ඩයස් එක්දින ඉනිම් 27කදී එක්දින ලකුණු දහස සම්පූර්ණ කර තිබුණා. 

දික්වැල්ලට එම වාර්තාව බිද හෙලීමට අවශ්‍ය තිබුණේ අද තරගයේදී ලකුණු 87ක් පමණයි. දික්වැල්ල මේ වන විට එක්දින ඉනිම් 27කදී ලකුණු 931 රැස් කර සිටිනවා.

මේ අතර අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවකින් එක්දින ලකුණු දහස සම්පූර්ණ කිරීමේ වාර්තාව තවදුරටත් දරන රෝයි ඩයස් අද සිය උපන්දිනය සමරනු ලබනවා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ වගකීම දරන්නේ ද ඔහුයි.