Friday, April 26, 2024

General line - 0115112241

ලොවපුරා මුහුණදුන් ලිංගික හිංසනවලින් අන්තර්ජාලය කැළඹෙයි




‘හෑෂ්ටැග් මීටූ’ (#MeToo) ලෙස සටහන් කරමින් ලොවපුරා කාන්තාවන් ජීවිතයේදී තමන් මුහුණදුන් ලිංගික හිංසනයට අදාළ සිද්ධීන් තවදුරටත් අන්තර්ජාලයට එක්කරමින් සිටිනවා.

ගත වූ දින 7 තුළ එලෙස අන්තර්ජාලයට සිද්ධීන් එක් කළ පිරිස මිලියනය ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය අද (19) වාර්තා කළේ.

ඉන් බහුතරය අමෙරිකානු ජාතිකයින්වීම විශේෂත්වයක්. ඊට ප‍්‍රතිචාර දක්වා ඇති සංඛ්‍යාව බිලියන 3.6 ක්. ඉන් සියයට 69. 9 ක් කාන්තාවන්.  සියයට 30.1 ක පිරිමි පුද්ගලයින්ද තමන් ජීවිතයේදී මුහුණදුන් ලිංගික හිංසනයන්ට අදාළ සිද්ධීන් අන්තර්ජාලයට එක් කරමින් සිටිනවා.

ලොවපුරා සිටින කාන්තාවන් සිය ජීවිත කාලය තුළ තමන් මුහුණ පෑ ලිංගික හිංසනයන්ට ලක්වීමට අදාළ සිද්ධීන් පිළිබඳ තොරතුරු විරෝධතා ව්‍යාපාරයක් ලෙසයි මෙලෙස දිගින් දිගටම අන්තර්ජාලයට එක්කරමින් සිටින්නේ. එය මේ වනවිට අන්තර්ජාල රැල්ලක් බවටද පත්ව තිබෙනවා. ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පළමුව ආරම්භ වූ මෙම ප‍්‍රවණතාව පසුව සෙසු ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලටද පැතිර ගියා.