Wednesday, April 24, 2024

General line - 0115112241

රජ කාලේ ඉඳලම අපිට තිබුණ ඉඩම්! කෝටි 40ක් දැනුත් තියෙනව පොතේ!

සමන්ත කුමාර - පාර්ලිමේන්තුවේ සිට




විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලද විවාදය පාර්ලිමේන්තුවේදී අද (19) පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ මෙම මාර්ගය මහනුවරට පමණක් නොව කුරුණෑගල කෑගල්ල ඇතුළු නගර ගණනාවක් ආවරණය වන ලෙස තැනෙන බවය. එබැවින් මෙයට සහයෝගය ලබා දෙන්නැයි මෙහිදී ඔහු ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙහිදී පැවසුවේ එම නගරවලට පමණක් නොව ඇතැම් අතු මාර්ග අමාත්‍යවරයගේ නිවසටද දිවෙනා බවය. 

ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, "අපිට රජකාලෙ ඉඳල තියෙන ඉඩම් තියෙනව. මගේ බිරිඳගේ මුත්තට බලංගොඩ අක්කර 30000ක් තිබුණ. අපි උසාවි යනකාලේ මාසෙට ලක්ෂ 25 හොයල තියෙනව. මේ වෙද්දි මගේ ගිණුමේ බදු ගෙවපු මිලියන 400ක මුදලක් තියෙනව. අපිට ඕන නැහැ කොහෙන්වත් හොරකම් කරන්න. අපි තුත්තිරිගහ අල්ලගෙන ආපු මිනිස්සු නොවෙයි" යනුවෙනි.