Wednesday, April 24, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යංශ 04කට නව ලේකම්වරු

හේමන්ත කහවලගේ




රාජ්‍ය අමාත්‍යංශ 04ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඒ අනුව, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස  ප‍්‍රියන්ත මායාදුන්නේ ද ජාතික ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස සුජාන් නානායක්කාර ද පත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ශාන්තා විජේරත්න මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසද, ගේ‍්‍රස් ආශිර්වාදම් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසද පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත කැබිනට් මණ්ඩලය විසින් මෙම පත් කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.