Tuesday, March 19, 2024

General line - 0115112241

නවසීලන්තයේ අගමැති පුටුවට ලාබාලම කාන්තාවක්!




නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වනවා. ඒ ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන්. ඇය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ හිටපු උපදේශිකාවක්ද වනවා.

නවසීලන්තයේ විපක්ෂනායක පදවිය තෙවසරක් හෙබැවූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකා ආඩර්න් 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලතමයා වනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්වුණා.

ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුවයි ලේබර් පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්නේ. නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරනවා.