Thursday, March 28, 2024

General line - 0115112241

සතොස සහල් මිල බස්සයි! සුපිරි වෙළඳසැල් සතොස මිලටම සහල් දෙන්න සූදානම්




සහල් මිල තවදුරටත් අඩු කිරීමට අපේකෂා කරන බව ලංකා සතොස  සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් පවසනවා. හෙට (20)  සිට මෙම නව මිල ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කැකුළු සහල් රුපියල් 64කටද, නාඩු සහල් රුපියල් 73කටද, කැඩුනු සහල් රුපියල් 60කටද, සම්බා සහල් 80කටද ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සතොස ආයතනය සහල් අළෙවි කරනු ලබන මිල ගණන් වලටම සුපිරි වෙළඳසැල්ද තම පාරිභෝගිකයින්ට සහල් ලබාදීමට කැමැත්ත පලකර ඇති බව අමාත්‍ය මහින් අමරවීර පවසනවා. ඒ ලබන සඳුදා (23) සිට ක්‍රියාත්මක වන පරිදිය.