Thursday, April 25, 2024

General line - 0115112241

සිව්වැනි තරගයත් පාකිස්ථානය ජය ගනී (UPDATE)

කසුන් කැලූම් - සාජා නුවර සිට




සාජා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 07කින් ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා. ඒ පන්දුවාර 39කදී.

එ් අනුව තරග 4 ට බින්දුවක් ලෙස පාකිස්තානු කණ්ඩායම මෙම තරගාවලියේ ශූරයන් බවට පත්ව අවසන්. සොයිබ් මලික් සහ අසාර් අලි 4 වැනි කඩුල්ලට එක් කළ සබදතාව පාකිස්තානු කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා. ශී‍්‍ර ලංකා පිල අඛණ්ඩව ලැබූ 11 වන එක්දින පරාජය මෙය වන අතර පාකිස්තානු පිල අඛණ්ඩව ලැබූ 8 වැනි එක්දින කි‍්‍රකට් ජයද මෙය වනවා.

සාජා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සිවුවන එක්දින කි‍්‍රකට් තරගයේදී පළමු වෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා පිල ලකුණු 173කට සීමා කරන්නට පාකිස්තානු පන්දුයවන්නන් සමත් වුණා. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සියලූ දෙනා දැවී ගියේ පන්දුවාර 43 යි පන්දු 4කදී.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 62ක් රැස් කළා. ශී‍්‍ර ලංකා පිතිකරුවන් තුන්දෙනෙකුම ලකුණූ නොලබා දැවී යාම විශේෂත්වයක්. නායක උපුල් තරංග, මංගල එක්දින වරම් දිනූ සදීර සමරවික‍්‍රම සහ තිසර පෙරේරා මෙලෙස ලකුණු නොලබා දැවී ගිය කී‍්‍රඩකයින්.

 

 

-------------------------------------------------------

පාකිස්තානයට ලකුණු 174ක ඉලක්කයක් 

20-10-2017 18:49

සාජා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සිවුවන එක්දින කි‍්‍රකට් තරගයේදී පළමු වෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා පිල ලකුණු 173කට සීමා කරන්නට පාකිස්තානු පන්දුයවන්නන් සමත් වුණා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සියලූ දෙනා දැවී ගියේ පන්දුවාර 43 යි පන්දු 4කදී. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 62ක් රැස් කළා.

ශී‍්‍ර ලංකා පිතිකරුවන් තුන්දෙනෙකුම ලකුණූ නොලබා දැවී යාම විශේෂත්වයක්. නායක උපුල් තරංග, මංගල එක්දින වරම් දිනූ සදීර සමරවික‍්‍රම සහ තිසර පෙරේරා මෙලෙස ලකුණු නොලබා දැවී ගිය කී‍්‍රඩකයින් වනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වන පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි ඒක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහෙන් අංක ඒකට පැමිණ තිබෙනවා.

ලහිරු තිරිමාන්න20 වන එක්දින අර්ධ ශතකය වාර්තා කරයි (20-10-2017 18:05)

ශී‍්‍ර ලංකා - පාකිස්ථාන සිව්වන එක්දින කි‍්‍රකට් තරගය දැන් සාජා කී‍්‍රඩාංගණයේ දී පැවත්වෙමින් තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 9ක් දැවී ලකුණු 166 ලබා ගත්තා.

අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න සිය 20 වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරිමට සමත් වුණා.

 

 

--------------------------

ශී‍්‍ර ලංකා පිල  85 /4 (20-10-2017 16:55)

ශී‍්‍ර ලංකා - පාකිස්ථාන සිව්වන එක්දින කි‍්‍රකට් තරගය  දැන් සාජා කී‍්‍රඩාංගණයේ දී පැවත්වෙමින් තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 4ක් දැවී ලකුණු  85 ලබා ගත්තා.

අද දින ටෙස්ට් වරම් හිම් වූ සදීර සමරවික‍්‍රම කිසිඳු ලකුණක් නොලබා පිටියෙන් සමුගත්තා.ඔහු එක්දින වරම් දිනා ගන්නා 185 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා ද වනවා.

හිටපු ටෙස්ට් ක්‍රීඩක හෂාන් තිලකරත්න අතින් ඔහු එක්දින හිස්වැස්ම ලබා ගත්තා.

----------------------------

සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට(20-10-2017 15:35)

 

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවත්වෙන සිව්වන එක්දින තරගය මීට නොබෝ වේලාවකට පෙර සාජාහිදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමිවු අතර මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළා .

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන අප වාර්තාකරු කසුන් කැළුම් සාජා සිට..

 

-----------------------

අභිමානය රැක ගන්න ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල අද සාජා පිටියට! සදීරට එක්දින වරම් (20-10-2017 04:55)

ශී‍්‍ර ලංකා - පාකිස්ථාන සිව්වන එක්දින කි‍්‍රකට් තරගය සාජා කී‍්‍රඩාංගණයේ අද (20) පස්වරුවේ පැවැත්වෙනවා. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද තරගය ආරම්භ වන්නේ පස්වරු 3.30ටයි.

තරග 5කින් සමන්විත මෙම තරගාවලිය 3/0ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම මේ වන විට ජයගෙන අවසන්. ශී‍්‍ර ලංකා පිලේ අභිමානය රැක ගැනීමට තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණයි.

මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින පරාජයන් රැල්ලකට හසුව සිටිනවා. මේ වවිට ශී‍්‍ර ලංකා ඛණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 10ක් පරාජයට පත්ව සිටිනවා.

අද තරගයේදී සදීර සමරවික‍්‍රමට එක්දින වරම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. මුහුණට පන්දුවක් වැදීම හේතුවෙන් ආබාධයකට ලක්ව සිටින චාමර කපුගෙදරගේ සහභාගිත්වයද අවිනිශ්චිත වී තිබෙනවා. දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් අද තරගයට කී‍්‍රඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ. සදීර සමරවික‍්‍රමට අද එක්දින වරම් හිමිවුවහොත් ඔහු එක්දින වරම් දිනා ගන්නා 185 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වනවා.

සාජා කී‍්‍රඩාංගණයේදී පාකිස්ථානු කණ්ඩායමට පසු වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට කී‍්‍රඩා කර ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. පාකිස්ථානය මෙම කී‍්‍රඩාංගණයේ එක්දින තරග 122කට කී‍්‍රඩා කරමින් තරග 81ක් ජයගෙන සිටිනවා. ඔවුන් පරාජයට පත් වූ තරග සංඛ්‍යාව 40ක්. ශී‍්‍ර ලංකාව සාජා කී‍්‍රඩාගණයේ එක්දින තරග 78කට කී‍්‍රඩා කරමින් තරග 28ක් ජය ගැනීමට සමත් වුණා. පරාජය වූ තරග සංඛ්‍යාව 47ක්. ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර සාජා කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 35ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 22ක්ම ජයගෙන ඇත්තේ පාකිස්ථානු කණ්ඩායමයි. ශී‍්‍ර ලංකාව සාජා කී‍්‍රඩාංගණයේදී පාකිස්නථානයට එරෙහිව ජයගෙන ඇත්තේ එක්දින තරග 12ක් පමණයි.