Friday, March 29, 2024

General line - 0115112241

කොස්ලන්ද රක්ෂිතයේ ගින්නක්!

ජයන්ත වීරසේකර - වැල්ලවාය




බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ කොස්ලන්ද කදු රක්ෂිතය මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඊයේ (19)සවස හටගත් මෙම ගින්න මේ වනවිට වේගයෙන් රක්ෂිතය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ගින්න නිසා රක්ෂිතයේ අක්කර පනහකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න අවට රක්ෂිත වලටද පැතිර යාමේ අවදානමක් පවතී.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වී ඇති අතර ගින්න මැඩපැවැත්වීමට කිසිදු පාර්ශ්වයක් මේ වන තෙක් කටයුතු කර නොමැත.