Thursday, April 18, 2024

General line - 0115112241

දිළිදුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය 




දිළිදුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය  ජනාධිපතිි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ පැවැත්වුණා.

ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථීකයකින් හෙබි තිරසාර ශ්‍රී ලංකාවක් තුළ සියලූ ආකාරයේ දිළිදුකම මුලිනුපුටා දැමීමේ දැක්ම අනුව ක්‍රීයාත්මක මුඛ්‍ය වැඩසටහන ලෙසයි මෙය සැලකෙන්නේ. 

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර, 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව ක්‍රියාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග්‍රාමශක්ති වැඩසටහන යටතට එක්කිරීම, දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද සිදු  කෙරුණා.