Tuesday, April 16, 2024

General line - 0115112241

ඉදිරි පැය 24 ත් වැසි




ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටස්වලට ඉදිරි පැය 24 තුළ ද තද වැසි අපේක‍්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලටත්, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ති්‍රක්කවලටත් මිලිමීටර 75 ඉක්මවූ වැසිද අපේක‍ෂිතයි.

වැසි ඇති වන අවස්ථාවලදී අකුණු ගැසීම් සහ තද සුළංද පැවතිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළ ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවලටද තද වැසි අපේක‍ෂිතයි. සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර 70 හෝ 80 දක්වාද වැඩි විය හැකි වනවා. 

මුහුද ඉතා රළුවීමටද ඉඩ තිඛෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබද විමසිලිමත් වියයුතු බවද අවධාරණය කෙරුණා.

මේ අතර ප්‍රදේශ කිහිපයකට නිකුත් කෙරුණු නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු වන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. එම ප්‍රදේශවල සිටින ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

තත්ත්පරයකට ඝන මීටර 80 ක පමණ ධාරිතාවක ජලය මුදා හැරෙන බවයි ඉංජිනේරුවන් පවසන්නේ.

කුකුළේ ගග පහල ජල ධාරා ප්‍රදේශවල වැසියන් මේ පිළිබඳ විමසිලිමත් වියයුතු වනවා.