Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ කඨින මහා පිංකම සාර්ථකව අවසන් (PHOTOS) (UPDATE)

නෙත් එෆ් එම් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ




නෙත් එෆ් එම් රේඩියෝව සිව්වන වරට සංවිධාන කළ කඨින මහා පිංකම සාර්ථකව අවසන් වුණා. 

ඒ අද (22) දහවල් පැවති සංඝගත දක්ෂිණාවෙන් අනතුරුවයි. 

 
 
 

-----------------------------------------------

සාධු හඬ මැද නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ කඨින පෙරහැර.. සංඝගත දක්ෂිණාව අරඹයි (22-10-2017 06:00)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ 2017 කඨින මහා පිංකමේ අවසන් වතාවත් පුජ්‍ය වල්පොළ ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනාරාමයේදී මේ වනවිට සිදු කෙරෙනවා.

අලූයම කඨින පෙරහැර පැවැති අතර තව නොබෝ වේලාවකින් සංඝගත දක්ෂිණාව ආරම්භ කිරීමට නියමිතයි.

----------------------------

 නෙත් එෆ්.එම් රේඩියෝව සංවිධානය කළ කඨීන පිංකම ඇරඹේ (21-10-2017 19:33)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන 2017 කඨින මහා පිංකම පුජ්‍ය  වල්පොළ ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනය කේන්ද්‍ර කරගනිමින් පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදි මේ වනවිට පැවැත්වෙනවා. 

එහි ඡායාරූප මෙතැනින් නරඹන්න.

 
 
 
 
 
 
 

 

----------------------

සැදහැවතුන්ට දුර්ලභ අවස්ථාවක් නෙත් එෆ්.එම් වෙතින් (21-10-2017 11:35)

නෙත් එෆ්.එම් රේඩියෝව සංවිධාන කරන 2017 කඨින මහා පිංකම පිං රැස් කරගැනීමට සැදහැවතුන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් බව මහා සංඝරත්නය පවසනවා.

මෙම කඨින මහා පිංකමේ අවසන් වතාවත් අද (21) සහ හෙට (22) දෙදින සිදු කිරීමට නියමිතයි.

පුජ්‍ය වල්පොළ ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දළ තුන්බෝවිල ශාන්ති නිකේතනය පාදක කරගනිමින් පිළියන්දළ වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී මෙම වතාවක් සිදු කෙරෙනවා.

ඒ පිළිබ අදහස් දැක්වූ පූජ්‍ය වල්පොළ ගෝතම හිමියන් කියා සිටියේ ජීවිතේ කිසි දිනෙක කඨින චීවරයක් පූජා කිරිමට නොහැකි වූ අයෙක් සිටි නම් එවැනි අයට මෙය සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බවයි.

මෙවැනි අවස්ථාවක් හිමිවීම ද ඉතාමත් දුර්ලභ බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

මේ අතර, නියමිත වතාවත්  සහා පිළියන්දළ වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලය මේ වනවිටත් සූදානම් කර  ඇතැයි එහි සිටින නෙත් නිවුස් වාර්තාරුවන් පවසනවා.

-----------------------------------

නෙත් එෆ් එම් කඨින පිංකම පිළියන්දලදී අද සහ හෙට! පිං කැමති ඔබටත් ආරාධනා (21-10-2017 06:35)

නෙත් එෆ්.එම් රේඩියෝව සංවිධාන කරන 2017 කඨින මහා පිංකමේ අවසන් වතාවත් අද (21) සහ හෙට (22) දෙදින සිදු කෙරෙනවා. මෙවර නෙත් එෆ් එම් රේඩියෝව කඨින මහා පිංකම සිදු කරන්නේ පුජ්‍ය වල්පොළ ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේයි.

එහි වතාවත් පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදි සිදු කෙරෙනවා.

මෙය පිං රැස් කර ගැනීමට සැදචහැවතුන්ට ලැබෙන අනගි අවසථාවක් බවයි පූජ්‍ය වල්පොළ ගෝතම හිමියන් කියා සිටියේ.

කඨින චීවර පූජාවට අමතරව තවත් පිංකම් කිහිපයක් ද මෙහිදී සිදු කෙරෙනවා. ඒ දුෂ්කර විහාරස්ථානවල වෙසෙන සහ ආරණ්‍ය සේනාසනවල වෙසෙන හිමිවරුන්ට අංග සම්පූර්ණ ත්‍රිපිඨක ග්‍රන්ථ ප්‍රදානය කිරීකි. එමෙන්ම පාසල් දරු දැරියන්ට පොත් පත් බෙදා දීමක් ද අද සිදු කිරීමට නියමිතව ති්බෙන බවයි පුජ්‍ය වල්පොළ ගෝතම හිමියන් සිහිපත් කළේ.
-----------------------------------------------------------

නෙත් එෆ් එම් රේඩියෝව විසින් සංවිධාන කෙරෙන 2017 කඨින පිංකම සඳහා සියල්ල සූදානම්

20-10-2017 19:53

නෙත් එෆ් එම් රේඩියෝව විසින් සංවිධාන කෙරෙන 2017 කඨින පිංකමේ අවසන් වතාවත් සඳහා සූදානම් කිරීම් මේ වනවිට සිදු කෙරෙනවා.

පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දල, තුම්බෝවිල ශාන්ති නිකේතනය පදනම් කර ගනිමින් පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී හෙට (21) පස්වරුවේ සිට මෙම වතාවත් සිදු කිරීමට නියමිතයි.

මෙම පිංකම සඳහා සහභාගිවීමට හෙට (21) පස්වරු 4 වනවිට පිළියන්දල, වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයට පැමිණෙන්නැයි සැදැහැවතුන්ට ආරාධනාවක් ද කෙරෙනවා.