Friday, April 19, 2024

General line - 0115112241

යාපනය සරසවියේ සිසුන් කළ පන්ති වර්ජනයෙන් විභාගත් අවලංගුයි

වන්නි - රොමේෂ් මධුෂංඛ




දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති තුමන් සමග පැවති සාකච්ඡාවේදී ලබාදුන් විසඳුම් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වනදා දක්වා පංති වර්ජනයක නිරතව සිටිනවා.

මේ අතර විද්‍යා පීඨයේද සිව්වන වසරේ විභාගය අද (20) දිනයේදී පැවත්වීමට නියමිතව තිබුනු අතර සිසු සිසුවියන් විභාගය ද වර්ජනය කිරීම හේතුවෙන් විභාගය ද නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කරණු ලැබුවා.

අද (20) උදෑසන 7.30 සිට 9.30 දක්වා යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රැස්වීමක් කැඳවා ඊයේ (19) දිනයේදී දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර අවසානයේදී සිසුන් තීරණය කොට ඇත්තේ අදාල විසඳුම් පිළිබඳව සැහීමකට පත් විය නොහැකි බැවින් සරසවියේ සියලුම සිසුන් පංති වර්ජනයක නිරත වන බවටයි.

මේ අනුව ලබන 25වනදා ජනාධිපතිවරයා විසින් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති හෙයින් 25 වනදා දක්වා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සියලු දෙනා පංති වර්ජනයක නිරත වන අතරම 25 වනදා යහපත් විසඳුමක් ජනාධිපති තුමන් විසින් ලබා නොදෙන්නේ නම් ඉන් පසුව යාපනය සරසවි සිසුන් සියලු දෙනා එක්ව උපවාසයකට සූදානම් වන බවටද අද (20) පැවති රැස්වීමේදී යාපනය මහා ශිෂ්‍ය සංගමය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.