Thursday, April 25, 2024

General line - 0115112241

අගමැතිගේ ජය තහවුරු වෙද්දී “ලාන් ” රටට ඇතුල් වෙයි




ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ එරට පැවැති මහමැතිවරණය ජයගත් නිල ප්‍රතිඵල නිකුත් කරනවාත් සමගම ජපානයට බලපෑ අනතුරක් පිළිබ තොරතුරු වාර්තා වුණා.

ලාන් ලෙසින් නම් කර ඇති එය සුළිකුණාටුවක්. එරට වේලාවෙන් අද (23) අලූයම එය ජපානයට ඇතුළු වුණා.

ඒ පැයට කිලෝමීටර් 198ක සුළං ප්‍රවාහයක් ද සමයි.

මේ වනවිට ලැබී ඇති නවතම වාර්තාවලට අනුව ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව දෙදෙනෙක්.

තවත් සැළකිය යුතු පිරිසක් තුවාල ලබා තිඛෙනවා. සුළි කුණාටුව හේතුවෙන් ඊයේ සහ අද දිනයේ පමණක් ගුවන් ගමන් 800ක් අවලංගු කර තිබීම ද විශේෂත්වයක්.

මේ අතරතුර ජපානයේ මහමැතිවරණය ජයගත් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අවධාරණය කර ඇත්තේ උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරන බවයි.

මැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය ආසන 465න් 312ක්ම ජයගත්තා.