Wednesday, April 24, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථ ගෙන්වීම සීමා  කිරීමත් සමග 'ලංකාව අල්ලන්න බලන් ඉන්න ' වාහනය මෙන්න (PHOTOS)




ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රීරෝද රථ  ශ්‍රී ලංකාවට   ආනනය සීමා කිරීමට අවධානය යොමුව තිබීම නිසා  ඉන්දීය ත්‍රී රෝද රථ කර්මාන්තයට විශාල පහරක් එල්ල වනු ඇති බව ඉන්දීය මාධ්‍ය  පවසනවා.

පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කළ ප්‍රකාශයකට අනුවයි ඔවුන් මෙම පුවත පළ කර ඇත්තේ.

කෙසේ වෙතත් ත්‍රීරෝද රථ වෙනුවට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන  බජාජ් qute ශ්‍රී ලංකා වෙළඳපොළට ගැලපෙනු ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.


මෙම රථය  මෝටර් රථයක් වශයෙන් නොව ත්‍රී රෝද රථවලට ආදේශයක් ලෙස ආනයනය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එන්ජිම් ධාරිතාව 216.6 CC වන  Qute රථයේ දිග 2752 mm ක් වන අතර පළල 1312 mm ක් වනවා.

මෙහි  උස 1652 mm ක් වන අතර සිව් දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකියි.

මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කළ කාලයේදී ද මෙම රථය ගෙන්වීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා.