Friday, March 29, 2024

General line - 0115112241

පිළිකා රෝගියෙක් හමුවන සුපිරි නළුවා




බොලිවුඩ් සිනමාවේ සිහින කුමරු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් පිළිකා රෝගි කාන්තාවකගේ ආශාව ඉටුකර දීමට මැදිහත් වී සිටිනවා.

එම පිළිකා රෝගී කාන්තාව ප්‍රතිකාර ලබන රෝහලට ඉදිරි දිනක දී ෂාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි බොලිවුඩ් වාර්තා පැවසුවේ.

වසර ගණනාවක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා වීඳින ඇය ෂාරුක් ඛාන්ගේ රසිකාවියක්. ජයිපූර්හි ජීවත් වන ඇය නමින් අරුණා.

මිය යාමට පෙර ෂාරුක් සමග කතා බහ කිරිම ඇගේ ආශාවයි.

ඇයගේ ආශාව වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් ෂාරුක්ට දන්වා ඇති අතර ඔහු වීඩියෝවක් මගින් ඇයට කතා කර තිබෙනවා.

එහි ඔහු කියා සිටියේ ඉක්මණින් තමන් රෝහලට පැමිණ ඇයව මුණ ගැසෙන බවයි.