Saturday, April 20, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට




රුපියල් විසිදහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් කොල්ලුපිටිය වසමේ වැඩබලන ග්‍රාම නිලධාරීවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අද (23) දින  අත්අඩංගුවට ගත්තා.

ඡන්ද හිමි නාමලේඛණයට පුද්ගලයකුගේ නම ඇතුලත් කර නව හැඳුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරදීම සඳහා රුපියල් 25000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් 5000 ක මුදලක් පෙර අවස්ථාවකදී ලබාගෙන ඉතිරි රුපියල් 20000ක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

තිඹීරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොල්ලුපිටිය වසමේ වැඩබලන ග්‍රාම නිලධාරීවරයා සමග ඊට අනුබල දුන් තවත් සිවිල් වැසියකුද මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ  පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණු අතර සැකකරුවන් කොල්ලුපිටියේ පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.