Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති සහ මන්ත්‍රි රැස්වීමක් උණුසුම් කරයි

පාලිත ආරියවංශ




බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධිකරණ රැස්විමේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි චමින්ද විජේසිරි අතර අද (23) ගැටුම්කාරී වචන හුවමාරුවක් සිදු වුණා.

ඒ, ඇල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ගල් වලක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රි චමින්ද විජේසිරි විසින් ප‍්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදියි.

එය නීතිමය ප‍්‍රශ්නයක් බවත් දිස්ත‍්‍රික් සම්බන්ධිකරණ රැස්විම නඩු විසඳන ස්ථානයක් නොවන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී ප‍්‍රකාශ කළා.

මෙහිදී සංවාදය ක‍්‍රමයෙන් උණුසුම් මුහුණුවරක් ගත් බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.