Friday, April 19, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව වෙනුවෙන් වූ අතුරු වාර්තාවේ ගැටෙන කරුණු තිබිය හැකියි



නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මේ වනවිට ඉදිරිපත් වී ඇති අතුරු වාර්තාවෙහි කිසිදු දේශපාලන පක්ෂයක මතය එළෙසින්ම නිරූපණය නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සමග ගැටෙන යම් කරුණු ද එහි ඇතුළත්ව තිබිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් විධායන ජනාධිපති ධුරය අහෝසි නොවිය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත අවධාරණය කරන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර එම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිඩේ වැඩසටහනට ඊයේ (23) රාත‍්‍රියේ සහභාගී වෙමින්.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)

 

මේ අතර, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදය අද (24) රාත‍්‍රී 7.30ට ප‍්‍රචාරය කිරීමට නියමිතයි. විශ්වයේ සැඟවුණ රහස් පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනවා.

ඉකුත් දා නිරීක්ෂණය වූ ආගන්තුක එළිය පිළිබඳවද මෙම සංවාදයේදී අවධානය යොමු කෙරෙනු ඇති. මේ පිළිබඳ ඔබට ඇති ගැටලූ හෝ අදහස් 077 - 902 18 24 අංකයට වයිබර් කිරීමේ හැකියාවද පවතිනවා.