Friday, March 29, 2024

General line - 0115112241

තර්ස්ටන් පිටියේ දී 'අද උදේ මහේලව දුටු කැෆේ ලොක්කා' වැටට එහා සිට කළ දේ (PHOTOS)




ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නියෝජනය කළ මහේල ජයවර්ධන අද (24) පෙරවරුවේ කොළඹ තර්ස්ටන් පිටියට පැමිණ සිටියේ ක්‍රිකට්වලට වඩා වෙනස් අත්දැකීමක් ලබා ගැනීම සඳහායි.

එහිදී ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් සමග පාපන්දු ක්‍රීඩා කරන ආකාරයයි දක්නට ලැබුණේ.


එම සිදුවීම දුටු කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්  වැටට එහා සිට මෙම අවස්ථාව කැමරා කරමින් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ "ක්‍රිකට් එපා වූ මහේල තම මිතුරු ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයින් සමග අද උදේ තර්ස්ටන් පිටියේ ෆුට්බෝල් ගහන්නට එක් වූ අයුරු" ලෙස සඳහන් කරමිනුයි.