Friday, April 19, 2024

General line - 0115112241

වර්ණ වෙනස් වෙන ඉරානයේ අභිරහස් විල (PHOTOS)




අසර්බයිජාන දේශසීමාවට නුදුරින් පිහිටා ඇති ඉරානයේ විලක් මේ වනවිට වැඩි වශයෙන් සංචාරක ආකර්ශණය දිනාගැනීමට ලක් වී තිබෙනවා.

උර්මියා (Lake Urmia) නමැති මෙම විල කාලයක් නිල් සහ කොළ වර්ණවලින් අලංකාර වුවත් මේ වනවිට මෙම විල වසරේ මාස කිහිපයක් ලේ මෙන් රතු පැහැ ගැන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්ග සැතපුම් 2,800 ක් පුරා විසිරී පවතින මේ රතු පැහැති විල, අභ්‍යවකාශයටත් ඉතා පැහැදිලිව පෙනෙනු ලබනවා. 

අතීතයේ නිල් සහ කොළ වර්ණයෙන් අලංකාරව පැවති මේ විල යුනෙස්කෝ සංවිධානය විසින් සංරක්ෂිත ස්ථානයක් ලෙසද නම් කර තිබෙනවා.

පැහැදිලි දිය හා ලේ වැනි තද රතු පැහැයෙන් දිස්වන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන් සහ පරිසරවේදීන් මවිතයට පත් කළ අභිරහසක් වනවා.

උර්මියා විලේ පැහැය රතු පැහැයට වෙනස් වන්නේ වසරේ මාස කිහිපයකට පමණයි. 

මෙම විලේ වර්ණ වෙනස් වීම සිදුවන්නේ ජල මට්ටම අඩුවෙද්දීයි.

පරිසරවේදීන් කණ්ඩායමක් පවසන ආකාරයට "උෂ්ණත්වය වෙනස් වීමත් සමග ඇල්ගේ ශාක වර්ගයක් විලේ වැඩෙන්න පටන් ගන්නවා. මෙම ඇල්ගේ වර්ගය ‘ඩුනලයිලා සලීනා’ ලෙස හැඳින්වෙනවා. උෂ්ණත්වය වැඩිවන විට ඩුනලයිලා සලීනා වර්ධනය වනවා. ඒවා ඉක්මනින් විල පුරා පැතිරෙන්න ගන්නවා. ඒවා තද රතු පැහැයෙන් යුක්තයි. විලේ වර්ණය වෙනස් වෙන්නේ එහෙමයි. වැහි කාලයට විල පිරෙද්දී, ඇල්ගේ ගහණය අඩුවී යනවා."