Wednesday, April 17, 2024

General line - 0115112241

ලංකාවත් සම්බන්ධ මාලදිවයිනේ මහා වංචාවක ලිපි ගොනු පාර්ලිමේන්තු සේප්පුවෙන් අතුරුදන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි




මාලදිවයිනේ ආන්දෝලනාත්මක සංවර්ධන ව්‍යාපෘතියක මුදල්වලින් ශ‍්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගත් බව කියන දූෂණ විමර්ශන ලිපිගොනුවක් එරට  පාර්ලිමේන්තු සේප්පුවෙන් අතුරුදන්ව තිබෙනවා. මාලදිවයිනේ නියෝජ්‍ය කතානායකවරයායි මේ බව අනාවරණ කර ඇත්තේ. 

මෙම ව්‍යාපෘතිය එරට මොහොම නෂීඞ් ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිදුවූවක් වනවා. ඉහළ පහසුකම් සහිත සම්මේලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටයි එහිදී සැලසුම් කර තිබුණේ. මෙමගින් බොහෝ පිරිසක් අයථා ලෙස ප‍්‍රතිලාභ ලැබූ බවටත් බොහොමයක් දෙනා ශ‍්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගත් බවටත් සැක පළව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ  දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබුණේ ද ඒ අනුවයි. එහි  වාර්තා සහිත ලිපිගොනුවකුයි පාර්ලිමේන්තු සේප්පුවේ තිබී දැන් අතුරුදන්වී තිබෙන්නේ. 

අදාළ වාර්තාවලට අනුව එවකට මාලදිවයින් ජනාධිපතිවරයා වූ මොහොමඞ් නෂීඞ්ටද දූෂණ චෝදනා එල්ල වන බව විදෙස් වාර්තා පවසනවා.