Friday, April 19, 2024

General line - 0115112241

රුසියානු ගුවන්විදුලි නිවේදිකාවකට සේවා ස්ථානය තුළදීම පිහි ප්‍රහාරයක්




රුසියාවේ ප්‍රමුඛ ගුවන්විදුලි නිවේදිකාවකට ඇගේ සේවා ස්ථානය තුළදී පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ අයගේ ගෙල ප්‍රදේශයටයි.

එකෝ මොස්කෝවි නම් ගුවන්විදුලියේ නිවේදිකාවක වන ටට්යානා ෆෙල්ජෙන්ජර් මේ වනවිට රෝහල්ගතව හදිසි ප්‍රතිකාර ලබන අතර ඇය කෝමා තත්ත්වයක ප්‍රතිකාර ලබනවා.

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රහාරය සිදුකළ හේතුව මෙතෙක් අනාවරණය වී නමැති බව මාධ්‍ය වාර්තා වල සඳහන්.

මෙම ගුවන්විදුලිය බොහෝවිට වඩාත් ආන්දෝලනාත්මක ස්වරූපයකින් සිය අදහස් ප්‍රකාශ කරන මාධ්‍ය ආයතනයක් ලෙස සැලකෙනවා.