Friday, March 29, 2024

General line - 0115112241

බිළිදාට නම තැබීමට ගිය දෙමාපියන් උසාවි ගිය හැටි මෙන්න




සිය බිළිදාට නම තැබීමට ගිය ප්‍රංශ ජාතික මුස්ලිම් යුවළකට එරෙහිව බලධාරින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ආන්දෝලනාත්මක වචනයක් සිය බිළිදාගේ නම වශයෙන් තෝරා ගැනීම ඊට හේතුවී ඇති බවයි.

අදාළ මුස්ලිම් යුවළ පසුගිදා උපන් සිය බිළිඳාට නම තැබීමට සූදානම් වුණා. ඒ අනුව ඔවුන් තෝරාගෙන ඇත්තේ ජිහාඩ් යන නාමයයි.

එම නාමය ලියාපදිංචි කිරිම සඳහා උප්පැන්න ලේකම් කාර්යාලයට එම දෙමාපියන් ගොස් ඇති අතර එහිදී කාර්යාල බලධාරින් කුඩා බිළිදාට එම නාමය යෙදීම ප්‍රතිකේෂ කර තිබෙනවා.

එමෙන්ම තම දරුවාට ජිහාඩ් නැමති ආන්දෝලනාත්මක නම තැබීමට දෙමාපියන් තීරණය කිරිම සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසියට බලධාරින් දැනුවත් කර ඇති අතර පොලිසිය විසින් එම දෙමාපියන්ට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.

කෙසේ වෙතත් පරික්ෂණවලදී ජිහාඩ් යන්නහි නිවැරදි අර්ථය යුද්ධය නොව උත්සහවන්ත බව යන්නයි අදාළ දෙමාපියන් අධිකරණයට පවසා ඇත්තේ.

ඉන් සෑහිමකට පත් නොවු විනිසුරුවරයා මීළඟ නඩුවාරයේ දී ප්‍රංශ රජයේ අරාබි පරිවර්තකයාගේ උපදෙස් ලබාගන්නා ලෙසත් ඇපමත එම දෙමාපියන් මුදා හරින ලෙසත් නියෝග කර තිබෙනවා.