Saturday, April 20, 2024

General line - 0115112241

චීනයේ නිර්මාතෘගේ තැනට ෂි ජිංපිං




චීන ජනාධිපති ෂි ජිංපිං, මහජන චීනයේ නිර්මාතෘ මා ඕ සේතුංගේ මට්ටමට අද (24) ඔසවා තැබුණා.

, බීජිං නුවර පැවැති එරට කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදීයි.

මා ඕ සේතුංගෙන් පසු චීනයේ බිහිවූ ප්‍රබලතම නායකයා ලෙසයි ෂි ජිංපිං, එහිදී හැඳින්වුණේ.

ඒ සහා පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිවීම ද විශේෂත්වයක්.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය යනු එරට වඩාත් තීරණාත්මකම දේශපාලන සම්මේලනය ලෙසටයි සැළකෙන්නේ.

පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ද වන ෂි ජිංපිං, 2012 වසරේදී චීනයේ ජනාධිපති ධුරයට පත්වුණා.