Tuesday, April 23, 2024

General line - 0115112241

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ජනපති ඉල්ලීමක් කරයි (UPDATE)




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් රටවල වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

කටාරයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවල පළවන තොරතුරු මත පදනම්ව රට පිළිබඳව තීරණ නොගන්නා ලෙසයි. 

සෑම ශී‍්‍ර ලාංකිකයෙකුටම ගෞරවාන්විත රටක් නිර්මාණය කරදීම සිය අරමුණ බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.

----------------------------------------

ජනපති කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

(26-10-2017 11:10)

කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ දෝහා නගරයේ දී පැවැත්වුණා.

විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා.

කුඩා දරුවන්ගේ ප්‍රසාංගික ඉදිරිපත්කිරීම් රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් වුණා.

---------------------------------------------

මේ අතර ඊයේ (25) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුථ දූත පිරිස දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට ද එක් වුණා.

දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය සතුව ඇති කලා එකතුව ලෝකයේ ඇති විශාලතම ඉස්ලාමීය කලා නිර්මාණ එකතුවලින් එකක් වන අතර ලෝහ, පිගන්, ස්වර්ණාභරණ, ලී, වීදුරු, රෙදිපිළි හා කාසිවලින් යුත් භාණ්ඩ එකතුවක් ද එම ප්‍රදර්ශණ භාණ්ඩ අතර වනවා.

----------------------------------------------

තවද ඊයේ  (25) පස්වරුවේ දෝහා නගරයේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසලේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  එක් වුණා.

රන් කහවණු සොයා වැලිකතරට ගිය ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් පිළිසරණක් වෙමින් විවිධ ජාතීන්ට අයත් දරුවන්ට එකම සෙවනක සිප් සතර හදාරන්නට අවස්ථාව සළසාදී තිඛෙන දෝහා ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසල මීට වසර 17 කට පෙර ආරම්භ කෙරුණා.

එදා මෙදා තුර විශිෂ්ට ගමනක් පැමිණි මෙම පාසල අද පළමු වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීමට දරුවන්ට පහසුකම් සළසා දී තිඛෙන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1300 පමණ මේවන විට එහි අධ්‍යාපනය ලබනවා. 

 

---------------------------------------------------

කටාර් ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක් (UPDATE)

(25-10-2017 11:38)

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා කටාර් රාජ්‍යයට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එරට ආර්ථික හා වෙළෙඳ කටයුතු අමාත්‍ය ෂෙයිඩ් මොහොමඩ් අල්තානි විසින් පිළිගෙන තිබෙනවා.

ඒ දෝහාහි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීයි. ශ‍්‍රී ලංකාවේ කටාර් තානාපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

අනතුරුව ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ද ඔහු වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කටාර්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එය සංවිධාන කර තිබුණා. 

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටාර්හි රජු සහ කටාර්හි අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

අද ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත වනවා.

ශ‍්‍රී ලංකා - කටාර් ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා අද සහභාගි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ශ‍්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හතළිස්දහසකට වැඩි පිරිසක් කටාර්හි විවිධ රැකියාවල යෙදී සිටිනවා. 

 

-----------------------------------

ජනපති කටාරයට

(24-10-2017 20:39)

ටී.කේ.ජී.කපිල - කටුනායක 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පස්වරුවේ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියා.

ඒ දෙදින සංචාරයක් සහායි.

අද පස්වරු 06.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 217 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමග 20 දෙනකුගෙන් සමන්විත දූත මණ්ඩලය ද පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.