Saturday, April 20, 2024

General line - 0115112241

නව තාක්ෂණික අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව 'ආතර් සී ක්ලාක්' මධ්‍යස්ථානය කියයි



අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය එකතුවීම නිසා නව තාක්ෂණික අර්බුදයක් නිර්මාණය වෙමින් ඇතැයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් පවසනවා.

කල් ඉකුත් වූ චන්ද්‍රිකා හෝ පාලනයෙන් මිදුණු චන්ද්‍රිකා වැනි දෑ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ලෙස සැළකෙන බවයි ඔහු කියාසිටියේ.

මේවා එකිනෙක ගැටී කැබලි වී පෘථිවි කක්ෂය වටා ගමන් කරමින් තිබෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම අභ්‍යවකාශ අපද්‍රව්‍ය හේතුවෙන් අනාගතයේදී චන්ද්‍රිකා මෙහෙයුම්වලට ද බාධා සිදුවිය හැකි බවයි පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් වැඩිදුරටත් කියාසිටියේ. 

ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති මෙම තාක්ෂණික අර්බුදයට මේ වනවිට විවිධ විසඳුම් යෝජනා වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් මෙම අදහස් පළ කළේ ඊයේ (24) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට වැඩසටහනේදීයි.

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.)