Thursday, April 25, 2024

General line - 0115112241

අයි.එස් සංවිධානයට එකතු වූ සාමාජිකයන් 5600 ක් මුල් රටවලට යයි




ඉරාකයේ සහ සිරියාවේ සිටි විදේශික අයි.එස්. සාමාජිකයන් 5600ක් පමණ මේ වනවිට ඔවුන්ගේ මුල් රටවලට පලාගොස් ඇතැයි අමෙරිකානු ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

අයි.එස්. සංවිධානය යටතේ පැවැති ප‍්‍රදේශ අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් මුදාගැනීමත් සමග ඔවුන් මෙලෙස පලායමින් සිටින බවයි විශ්වාස කෙරෙන්නේ.

පලා ගිය අයි.එස්. සාමාජිකයන් අතර රටවල් 33ක පමණ පිරිස් සිට ඇති බවට ද අමෙරිකානු ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

මෙලෙස පලාගිය අයි.එස්. සාමාජිකයන්ගෙන් 850 දෙනකු බි‍්‍රතාන්‍ය ජාතිකයන් බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. ශ‍්‍රී ලාංකිකයන් කිහිපදෙනකු ද අයි.එස්. සංවිධානය සමග මෙහෙයුම්වල නිරත වූ බවට ඉකුත් සමයේ වාර්තා පළවුණා.