Friday, April 19, 2024

General line - 0115112241

වාකරේ පොල් ව්‍යාපෘතියක්




වාකරෙයි ප‍්‍රදේශයේ පොල් ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 233 වැනි බලඇණිය සහ පොල් සංවර්ධන මණ්ඩලය එක්වයි. තෝරාගත් පවුල් 200කට පොල් පැල බෙදාදීම පළමු අදියරේදී සිදුකෙරුණා. පොල් පැළ 1500ක් මෙලෙස බෙදා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

මේ වනවිට රටපුරා පොල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඊට එක් හේතුවක් ලෙස හඳුනා ගෙන ඇත්තේ ඉල්ලූමට සාපේක්ෂව පොල් ඵලදාව අඩුවී තිබීමයි. කෘමි උවදුරු, කාලගුණික බාධා සහ ඉඩම් කට්ටි කිරීම වැනි කරුණු හේතුවෙන් පොල්ගස් රැසක් ඉකුත් සමයේ කපාදැමුණා. මේ අනුව පොල් වගාව යළි ප‍්‍රවර්ධනය කළ යුතු බවයි හඳුනා ගෙන ඇත්තේ.