Friday, April 19, 2024

General line - 0115112241

වීන ජනපති මහජන චීනයේ ශ්‍රේෂ්ඨත්වයට!




මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුංගෙන් පසුව එම නාමයේ මට්ටමට වත්මන් චීන ජනපති ෂි ජින්පිං ඔසවා තැබීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ෂි ජින්පිං නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා වූ ඡන්ද විමසීමට කොමියුනිස්ට් පක්ෂයේ කැමැත්ත පළ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මතවාදය කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමත් සමග වත්මන් ජනපතිවරයාට එල්ලවන කවර හෝ ආකාරයේ අභියෝගයක් පාලක කොමියුනිස්ට් පක්ෂයට එල්ලවන තර්ජනයක් සේ සලකනු ලබනවා. පක්ෂ නියෝජිතයන් 2,000 අධික පිරිසක් සහභාගී වූ පක්ෂ සම්මේලනයේදී කිසිවෙකුත් මීට විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ද සිය මතවාදය හෝ දැක්ම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළද මතවාදීමය ධුරාවලියේ ඉහළින්ම සිටින මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං හැර අන්කිසිවකුත් සිය දර්ශනය සංකල්පයක් වශයෙන් ඊට ඇතුළත් කර තිබුනේ නැත. ලක්ෂ 900ක් වන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සමග පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, සහ රජයේ කර්මාන්ත ශාලාවල සේවකයන්ටද ෂි ජින්පිං සංකල්පය අධ්‍යයනය කිරීමට සිදුවනු ඇති අතර, නව යුගයක් යන ආදර්ශ පාඨය වත්මන් නවීන චීනයේ තෙවැනි පරිච්ඡේදය ලෙස හැඳින්වීමටද කොමියුනිස්ට් පක්ෂයේ අදහස වී ඇත.