Friday, March 29, 2024

General line - 0115112241

මුහුද ගොඩ කර නිර්මාණය කරන බිමේ පර්චසයක මිල මෙන්න

ඉෂාර සුපෙම් මානගේ




කොළඹ වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව තිබෙනවා. ඒ අනුව වසර 2019 වනවිට මෙහි ඉඩම් ගොඩ කිරීම අවසන් කෙරෙනු ඇති. 

ඊට පෙර ලබන අවුරුද්දේ මැද භාගයේදී මූල්‍ය නගරයේ කටයුතු ආරම්භ කිරීමටයි තීරණ කර ඇත්තේ.

කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවයි.

වෙරළ ඛාදනය නිසා අපට සියවස් ගණනක් තිස්සේ අහිමි වූ බිම් නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්‍යාපෘතිය මේය බවත් සඳහන් කළා.

මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළා.